ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374ක් වේ.

එම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව වාර්තා වෙයි.

කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන්  රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

මේ අතර පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් සහ ඩෙංගු මරණ 24ක් වාර්තා වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts