ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි.

1987 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ට්‍රම්ප් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වන්නේ 2016දී.

ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙනවා.

වොෂින්ටන් නුවර පිහිටි කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේදීයි දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙනු ඇති.

ඇමෙරිකා අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාව සංගීත ප්‍රසංගයකින් සහ විචිත්‍රවත් අංග රැසකින් අලංකාරවත් වීමට නියමිතයි.

වසර 40කට පසුවයි මහජනතාවට දැකබලාගත නොහැකි අයුරින් කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ.

ලොව ධනවත්ම පුද්ගලයන් අතර ලැයිස්තුවේ දෙවන තැන හිමි ඉලෝන් මස්ක් හා තුන්වන හා හතර වන තැන්හි සිටින ජෙෆ් බෙසෝස් හා මාර්ක් සකර්බර්ග් ද දිවුරුම් දීමේ උත්සවය සදහා ආරාධිතයන් ලෙස එක්වනු ඇති.

.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts