ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය මනා හඬ පෞරුෂයකින් සුපෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
1950 වර්ෂයේ දී මෙලොව එළිය දුටු මේ විශිෂ්ටයා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට ආසන්නයේ සිටියා. අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩ සටහන අතිසාර්ථකව ඉන්දියාවේ දී අනිල් භාරතී කලාකරුවා ගායනය කළ ජනප්‍රිය ගීත අතර ” මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පුර, ටිකිරි මලී පාසල් යන ” ආදී ගීත ජනප්‍රිය වනවා.
මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.