ශ්‍රී ලංකාවට පහසු ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත් ලකුණු 66ක් රැස්කිරීමට සමත් විය.
පැතුම් අද වාර්තා කළේ ඔහුගේ 16වැනි එක්දින අර්ධ ශතකයයිත

කුසල් මෙන්ඩිස් (54)ද ජනිත් ලියනගේ (53) ද අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

කුසල් අද වාර්තා කළේ ඔහුගේ 33වැනි එක්දින අර්ධ ශතකයයි.

එමෙන්ම නවක ක්‍රීඩක ජනිත් ලියනගේටද සිය 4වන එක්දින තරගය වාර්තා කිරීමට අද හැකිවිය.

මීට අමතරව කමිදු මෙන්ඩිස් ලකුණු 46කින් දායක විය.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 55කට කඩුලු 4ක් දවාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් අසිත ප්‍රනාන්දු, එශාන් මාලිංග හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් දවාගත්හ‍.

නවසීලන්තය ලැබීමට ගිය දැවැන්ත පරාජයේ බර අඩුකරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.

ඔහු හැරෙන්න ලකුණු 10කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි.

නවසීලන්ත ඉනිමේ 7වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 21ට 5ක් ලෙසින්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post