මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ අනුව මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4,218ක් විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය සඳහා පුනරාර්වර්තන වියදම ලෙස රුපියල් මිලියන 2518 ක් සහ මූල දන වියදම ලෙස රුපියල් මිලියන 354 ක් ද ඇස්තමේන්තු කර තිබෙනවා. 2024 වසරේ එහි පුනරාර්වර්තන වියදම් ලෙස රුපියල් මිලියන 3,673 ක් සහ මූල ධන වියදම් ලෙස රුපියල් මිලියන 528 ක් දැක්වුණා. එමෙන්ම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් මිලියන හාරලක්ෂ දොළොස්දහස් නවසිය අනූනමයක් එම අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කර ඇති මූලධන වියදම රුපියල් මිලියන 95,500 ක් ලෙස දැක්වෙනවා. 2024 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් මිලියන 410,000 ක් ලෙසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ පුනරාර්වර්තන වියදම රුපියල් මිලියන 382,000ක් වන අතර, මූල ධන වියදම රුපියල් මිලියන 60,000ක් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා 2024 වසර වෙනුවෙන් ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 423,000ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 2025 වසරේ ඇස්තමේන්තුගත කර ඇති මුදල පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 206,000ක් වන අතර එම අමාත්‍යංශය සඳහා මුලධන වියදම් ලෙස ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 65,000ක්. 2024 වසරේ එහි ඇස්තමේන්තුගත වියදම ලෙස දක්වා තිබුණේ, රුපියල් මිලියන දෙලක්ෂ 36,000ක් ලෙසයි.
ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා 2025 වසරේ පුනරාර්වර්තන වියදම් ලෙස රුපියල් මිලියන 52,410ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර එම අමාත්‍යංශය සඳහා මූලධන වියදම් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 421,000ක්. මම “මොහොමඩ් ගනේෂන් ” නම් මම අගමැති වෙනවා 2024 වසරේ එහි ඇස්තමේන්තුගත වියදම ලෙස දක්වා තිබුණේ, රුපියල් මිලියන 402,000 ක් ලෙසයි. 14 December 2024 කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය සඳහා 2025 වසරේ ඇස්තමේන්තු ගත කර ඇති මුදල පුනරාර්වර්තන වියදම් රුපියල් මිලියන 83,894 ක් වන අතර එම අමාත්‍යංශය සඳහා මුලධන වියදම් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 124,828ක් 2024 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇස්තමේන්තුගත වියදම ලෙස දක්වා තිබුණේ, රුපියල් මිලියන 99,000 ක් ලෙසයි. මේ වසර සදහා වන අයවැය කතාව පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 07ක් පැවැත්වෙනු ඇති එමෙන්ම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වනදා පස්වරු 06 ට පැවැත්වෙනවා. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 21 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම මාර්තු 21 වනදා පස්වරු 06ට සිදු කෙරෙනු ඇති. මේ අතර අලුතින් නාමයෝජනා කැදවීමට අදාළ පළාත් පාලන මැතිවරණ විශේෂ විධි විදාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
විසංජන පනත් කෙටුම්පත