සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට

සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා මේ වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බීබීසි නාලිකාව මෙම ගෞරවය ශ්‍රී ලංකාවට පිරිනමා තිබිම විශේෂත්වයක්.

බීබීසි නාලිකාව මේ මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා රටක් බවයි.

එසේම ශ්‍රී ලංකාව සංචාරකයන්ට අද්විතිය අත්දැකීමක් ලබාදෙන බව ද බිබිසිය සඳහන් කරනවා.

බීබිසි නාලිකාව ප්‍රකාශයට පත්කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍යයි.

දෙවන ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමි වී ඇති අතර තුන්වන ස්ථානය ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට හිමිවී තිබෙනවා.

එහි 25 වන ස්ථානය හිමිවී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts